spot_img
spot_imgspot_img

කරන්දෙණියේ PHI ඝාතනය කර ඇත්තේ වැරදීමකින්

පුවත්

විදෙස්

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදී යාමකින් යැයි හෙළිදරව් වී තිබේ.

එම ඝාතනයට සැකපිට ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 51 හැවිරිදි සැකකරුවකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් මේ බව හෙළි වී ඇත.

පොලිසිය පවසන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන එම්.එම් වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සඟවා තිබිය දී සොයාගත් බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක එම ඝාතන සැකකරු දින 20ක පමණ කාලයක් රැඳී සිට ඇති බවත්, ඔහුට නවාතැන් පහසුකම් සැපයූ එම නිවැසියන් ද සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන කළේය.

එම ප්‍රදේශයේ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත එම්.එම්.8 වර්ගයේ ගිනි අවියක් සහ යතුරුපැදියක් ද සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම ඝාතන සිද්ධිය අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඩුබායි හි සිටින පාතාල පුද්ගලයකු විසින් ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇතැයි ද ඔහුට ඝාතනය කිරීමට අවශ්‍යව ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු යැයි ද අනාවරණය වී ඇත. එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට සැකකරුට ලැබී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක් යැයි ද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!