1 C
New York

මාළුවෙකු පහර දී, පුද්ගලයෙක් මරුට

Published:

මුහුදු මාළුවෙකුගේ පහරදීමකින් ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ ගුරුනගර් හි පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

මුහුදේ මසුන් අල්ලමින් සිටිය දී ඔවුන්ට හසු වූ මොරල්ලා නැමැති මත්ස්‍යකු සමඟ පොරබදද්දී, එම මත්ස්‍යයාගේ තරමක් විෂ සහිත උල් මුඛය මෙම ධීවරයාගේ ගෙලෙහි ඇනී ගෙල සිදුරු වී ඇත.

බෝට්ටුවේ සිටි අනෙක් ධීවරයා වහා ම ක්‍රියාත්මක වී තුවාල ලැබූ ධීවරයා රැගෙන ගොඩබිමට පැමිණ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img