9.9 C
New York

ශ්‍රී ලංකාව ලෝකයට වඩා, වසර 15ක් පසුපසින්

Published:

ශ්‍රී ලාංකික සිසුන් අනෙක් රටවල සිසුන්ට සාපේක්ෂව වසර 15ක් පමණ දැනුම අතින් පසුගාමී වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් තෝරාගත් පාසල් 100ක කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේදී ඊයේ (02) එක්වෙමිනි.

නැනෝ තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය (IT) සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්‍ෂණයන් පිළිබඳව ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකිකයන් සූදානම් විය යුතු බවත්, මේවා ලෝකයේ වැදගත්ම ක්ෂේත්‍ර වන නමුත්, ශ්‍රී ලාංකිකයන් ඒ වෙනුවෙන් සූදානම් වීමේදී අනෙකුත් රටවලට වඩා වසර 15ක් පමණ පිටුපසින් සිටින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත හෙළිකළේය.

විසිඑක්වැනි සියවසේ සෑම ක්ෂේත්‍රයකම පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා AI තාක්ෂණය අදාළ වන අතර එය ශ්‍රී ලංකාවට මුහුණ දිය යුතු අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් බවද ඇමැතිවරයා කීවේය.

Related articles

Recent articles

spot_img