spot_img
spot_imgspot_img

අඟහරු ග්‍රහයාට ජීවය දෙන්න, චීනය සූදානම්

පුවත්

විදෙස්

ඇමෙරිකාවේ මොජාවේ කාන්තාරයේ සහ ඇන්ටාක්ටිකාවේ දක්නට ලැබෙන Syntrichia caninervis වර්ගය අඟහරු ග්‍රහයා මත වැවීමට හැකි යැයි චීන පර්යේෂකයෝ පිරිසක් පවසයි.

පෘථිවියේ අතිශය කටුක පරිසරවල දක්නට ලැබෙන මෙම පාසි වර්ගය දැඩි නියඟය, අධික ශීතල, අධික විකිරණ තත්වයන්ට ඔරොත්තු දෙන බැවින් අඟහරු මත ඇති පරිසර තත්වය විද්‍යාගාරයක් තුළ ඇතිකර එහි මෙම පාසි තැන්පත් කර තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ එය අඟහරුමත පාසි නොනැසී වර්ධනය වන්නේද යන්න සොයා බැලීමේ පළමු උත්සාහය බවයි.

අඟහරු මත ඇති ආකාරයේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් 95%කින් සෑදුණු වායුගෝලයක්, -196 ° C තරම් අඩු උෂ්ණත්වයක්, සූර්යයාගෙන් ඉහළ පාරජම්බුල (UV) විකිරණ, ජලය කිසිසේත්ම නොමැති තත්වයක් සහ අඩු වායුගෝලීය පීඩනය යටතේ එම පාසි වර්ගය නොනැසී පැවතුණු අතර පසුව එම පාසි ඉක්මණින් යථාතත්වයට පත්වූ බව ද විද්‍යාඥයෝ කියති.

පර්යේෂකයන් මේ වනවිට අවදානය යොමුකර ඇත්තේ එවැනි පාසි අඟහරුමත වගා කළහොත් ජීවයට සුදුසු පරිසර තත්වයක් ඇති කිරීමට එම පාසි සමත්වන්නේ ද යන්න පිළිබඳවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!