-1.6 C
New York

යොවුන් පිලේ නායකත්වය දිනුර කළුපහනට

Published:

එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනුර කළුපහනට පවරා ති‍බේ.

මේ වනවිට අන්තර්ජාතික තරඟ 08කට ක්‍රීඩාකර ඇති දිනුර 2024 මුල දී දකුණු අප්‍රිකාවේ පැවැති යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ දී අර්ධ ශතක 03ක් ද සමඟ තරඟ 05ක දී ලකුණු 196ක් ලබාගෙන තිබිණි. එමෙන්ම ඔහු ‍කොළඹ එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරඟ 04කට ද සහභාගී වී ඇත.

ටෙස්ට් තරඟ 02ක් සහ එක්දින තරඟ 03කින් සමන්විත තරඟාවලිය සඳහා අද (22) ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස රුවන් කල්පගේ කටයුතු කරයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම

දිනුර කළුපහන (නායක) – මහින්ද විද්‍යාලය

ශාරුජන් ශන්මුගනාදන් ( උපනායක) ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සදෙව් සමරසිංහ – නාලන්දා විද්‍යාලය

හිරාන් ජයසුන්දර — ශාන්ත ජෝෂප් විද්‍යාලය

මලිත් පෙරේරා – ශාන්ත තෝමස් විද්‍යාලය

දිනිරු අබේවික්‍රම – ශාන්ත සර්වේශස් විද්‍යාලය

ගයන වීරසිංහ – මලියදේව විද්‍යාලය

තිසර ඒකනායක – ශාන්ත අන්තෝනි විදුහල

පුළිඳු පෙරේරා – ධර්මරාජ විද්‍යාලය

නේතන් කල්දේරා – ශාන්ත තෝමස් විද්‍යාලය

ශෙෂාන් මාරසිංහ – ධර්මරාජ විද්‍යාලය

දුමිඳු සෙව්මින – ලුම්බිණි විද්‍යාලය

හිචින් කෙනුල – සිරිකුරුස විද්‍යාලය

ගීතික ද සිල්වා – ශාන්ත ආනා විද්‍යාලය

විහස් තෙව්මික – තර්ස්ටන් විද්‍යාලය

මනුජ චන්තුක – ශාන්ත සෙබස්තියන් විද්‍යාලය

යූරි කොත්තිගොඩ – රිච්මන්ඩ් විද්‍යාලය

ප්‍රවීන් මනීෂ – ලුම්බිණි විද්‍යාලය

Related articles

Recent articles

spot_img