spot_img
spot_imgspot_img

පාසල් දැරියක් දෙවැනි වරටත් සමූහ අතවරයට ලක්වෙයි

පුවත්

විදෙස්

දන්සැලකට ගිය පාසල් දැරියකට අතවර කළ, ඇගේ පෙම්වතා ඇතුළු තරුණයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ කොස්ගම පදිංචි 16 හැවිරිදි දැරියකි. ඊයේ (21) පොසොන් පොහෝ දිනයේ ඇය සමූහ අතවරයට ලක්කර ඇත්තේ වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන තරුණයන් පිරිසක් විසිනි.

එම දැරිය තම පුංචිඅම්මා සමඟ ප්‍රදේශයේ දන්සැලකට ගොස් පසුව පොත්කඩයකට යාමට අවශ්‍යයැයි කියා පුංචිඅම්මාගෙන් ඉවත්ව ගොස් ඇත. පොලිසිය පවසන්නේ ඇය තම මිතුරියකගෙන්  රුපිියල් 300.00ක් ඉල්ලාගෙන පෙම්වතා හමුවීමට ගොස් ඇති බවයි.

පෙම්වතා ඇය තම නිවසට රැගෙන ගොස් අතවරයට ලක්කර ඇත. පසුව යතුරුපැදියකින් ඇය හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයට ගෙනගොස් ඇරලවා ඇතැයි ද අනාවරණ්‍ය වී තිබේ. ඇය ඇඹුල්ගමින් බැස්සවූ එම තරුණයා තම මිතුරන් දෙදෙකෙනකුට ඇය සිටින ස්ථානය දැනුම් දී එතැනට පැමිණ ඇය සමඟ කතා කර රැගෙන යන ලෙස දැනුම් දී ඇති අතර එහි පැමිණි එම දෙදෙනා දැරිය සම්බන්ධ කරගෙන ඉදිකරමින් පවතින සුසාන භූමියකට රැගෙන ගොස් එහි දී ඇයට අතවර කර තිබේ. පසුව ඔවුන්ගේ මිතුරන් තිදෙනකුද එහි ගෙන්වාගෙන ඇයට අතවර කර ඇතැයි පොලිසිය කියයි. පසුව ඔවුන් ඇය හංවැල්ල ආටිගල හන්දියට ගෙනවිත් බස්සවා ඇත.

තරුණයන් ඇයට නිවසට යාමට යැයි කියා රුපියල් 40.00ක් දී ඇති අතර දැරිය හඬමින් ආටිගල හන්දියේ සිටිනු දුටු පොලිස් නිලධාරීන් ඇයගෙන් තොරතුරු විමසීමේ දී තමන්ට සිදු වූ කරදරය ඇය පොලිසියට පවසා තිබේ.

පොලීසිය පැවසුවේ අද (22) උදෑසන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු නීතීඥවරයෙකු සමග පැමිණ හංවැල්ල පොලීසියට භාර වූ බවය.

ඉන්පසු ඔහු සමග ගොස් දැරියට අතවර කළ සෙසු සැකකරුවන් පස්දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී ද අදාළ දැරියව එවක සිටි පෙම්වතා හා ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සමූහ අතවරයට ලක්කර ඇති බවයි.

මේ වනවිට දැරිය රෝහල්ගතකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!