spot_img
spot_imgspot_img

මැති ඇමතිවරු බිලියන 650ක් බැංකුවලට පොලු තියලා

පුවත්

විදෙස්

මැති ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, දේශපාලනඥයන්ට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු කිහිපදෙනෙකු රුපියල් බිලියන 650කට අධික ණය මුදලක් රාජ්‍ය බැංකු දෙකකට ගෙවීම පැහැරහැර ඇති බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි පැහැර හැරීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු සමඟ ගනුදෙනු කිරීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

“සාමාන්‍ය පුද්ගලයෙක් අද බැංකුවකට ගියාම ණයක් ගන්න බැහැ. මහ බැංකු අධිපතිවරයා කියන පොලී අනුපාතවලට ණය තියෙනවද ? නෑ …ඇයි? මොකද බැංකු බිලියන 650කට වඩා බොල් ණයවලින් බර වෙලා. හිටපු සහ වත්මන් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ ආකාරයෙන් ණය ගෙවීම පැහැර හැර තිබෙනවා.” යනුවෙන් ඔහු පෙන්වා දී තිබේ.

60%කට වැඩි පිරිසක් රුපියල් 5000ට අඩු මුදලක් බැංකුවල තැන්පත් කර ඇති බව පවසමින් ඔහු පවසා ඇත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ නාමයෙන් එම පිරිසට බර පැටවීම අසාධාරණ බවයි.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දීර්ඝ පෝලිම් යුගය නිමා කර යම් ආර්ථික ප්‍රකෘතියක් ඇති කළ එක හොඳයි. නමුත් සාමාන්‍ය ජනතාව මත විශාල බරක් පටවන්නේ නැතිව එය වෙනස් ආකාරයකට කරන්න තිබුණා. නීතිය මඟහරින ප්‍රබල පුද්ගලයන් සමඟ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.” යැයි ඔහු පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට රුපියල් බිලියන 1000කට අධික බදු සහන ලබාදී ඇති බවයි.

එවැනි සහන ලබා නොදෙන්නේ නම් රුපියල් බිලියන 600ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන මෙම වසර මුලදී ක්‍රියාත්මක කළ බදු පැනවීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද ඔහු පෙන්වා දී ඇත.

“බදු පැහැර හරින අය 120,000ක් පමණ ඉන්නවා. වසරකට මිලියන 10කට වැඩි බදු පැහැර හරින අය සිටින්නේ 4200ක් පමණයි. ඒ ආදායම එකතු කර ගන්න ආණ්ඩුවට නැත්තේ කොඳු නාරටියද උනන්දුවද කියලා මම දන්නේ නැහැ. වෙනස් විය යුත්තේ මෙයයි.” යැයි ඔහු පවසා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!