spot_img
spot_imgspot_img

පියුමි හංසමාලිගේ බැංකු ගිනුම් ගැන සොයයි

පුවත්

විදෙස්

නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර දුන්නේ ය.

ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව අධිකරණයට කළ කරුණු දැක්වීමකදීය.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

ඊට අදාළව ඊයේ දිනයේදී කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට එම කොට්ඨාසයේ ”සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය” කරුණු දක්වීය.

එහිදී විමර්ශන නිලධාරීන් පැවසුවේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු 8ක ඇය ගිණුම් 19ක් පවත්වාගෙන යන බවය.

ඒ අනුව අදාළ ගිණුම්වල වාර්තා කැඳවීමට අධිකරණය විමර්ශන නිලධාරීන්ට අවසර ලැබිණි.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ ජීප් රථය ඇය රුපියල් ලක්ෂ 780ක් වැය කර එය හිමි පුද්ගලයාගෙන් මිලදී ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබේ.

ඇය රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් ද මිලදී ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසීය.

එම මුදල ඇය අවස්ථා 15කදී 2023 වසර තුළදී ගෙවා ඇති බවද ඔවුන් සඳහන් කරයි.

පියුමි හංසමාලි සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සම පැහැපත් කිරීමට භාවිත කරන ආලේපන නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය දැනුම් දුනි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකර කඩිනමින් අධිකරණයට විමර්ශනවල ප්‍රගතිය දැනුම්දෙන ලෙස අධිකරණය විමර්ශන නිලධාරීන්ට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!