10.2 C
New York

අදත් තැන තැන වැසි

Published:

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ දී ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන  බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව  ද එම නිවේදනයේ දැක්වේ.

Related articles

Recent articles

spot_img