-2.5 C
New York

කාරයක්, ලක්ෂයකට ජලය නැති කරයි

Published:

හයිලෙවල් මාර්ගයේ ගොඩගම හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් ජල නලයක වැදී අනතුරට ලක්වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව නතර වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

අද (17) අලුයම සිට අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිවෙමින් පැවති අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බව ද සඳහන් වේ.

මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

Related articles

Recent articles

spot_img