spot_img
spot_imgspot_img

රනිල් මන්ත්‍රීවරුන්ට පාඩම් ඉගැන්වීමට සූදානම්

පුවත්

විදෙස්

ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමිංහ පවසයි.

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන “Public Learn Education Platform” හෙවත් පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්වීමේ අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.

ලොව ප්‍රමඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවන මෙම අධ්‍යාපන වේදිකාවට අරමුදල් සපයා ඇත්තේ එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසිනි‍.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි,

දැනුමට ප්‍රතිලාභ හිමිවන සමාජයක අපි අද ජීවත් වෙන්නේ. ඒ වගේම අපිට ඒ තරගයට එක්වෙන්න සිදුවෙලා තියෙනවා. ඇත්තෙන්ම අපි ඉහළම මට්ටමේ අය බිහිකරන්න ඕනේ. එය ශ්‍රී ලංකාවට දුෂ්කර කාරණයක් නෙමෙයි. කොතරම් අඩුපාඩු තිබුණත් මට හිතෙන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵළ ඉහළයි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අපේ සිතුම් පැතුම්වල පරිවර්තනයකුත් අවශ්‍ය වෙනවා. එය සැබැවින්ම අපට ළඟාකර ගතහැකි මෙවලමක්. අප දැන් ඉන්නේ එම අධ්‍යාපනයේ තුන්වැනි අදියරේ. ඒ ඩිජිටල්කරණය වූ අධ්‍යාපන පද්ධතියේ විවෘත වේදිකාවක් ඔස්සේ දැනුම භාවිත කිරීමයි. අප ඩිජිටල් ආර්ථිකයක් දෙස අවධානය යොමුකරන අතරම නවතම තාක්ෂණය යොදාගන්නත් අප බලාපොරොත්තු වෙනවා. අප බුද්ධිය පාවිච්චි කර සිතුවොත් පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න මගේ සමහර මිතුරන්ට එය අවශ්‍ය වෙනවා , 21 වැනි සියවසේ ආර්ථිකය මොකක්ද කියලා හඳුනාගන්න. මම හිතන්නේ අපට ඔවුන් සඳහාත් පංතියක් තියන්න පුළුවන්. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!