-2.5 C
New York

ශ්‍රී ලංකාවට IMF ප්‍රසාදය

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් තිබෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ඒ හේතුවෙන් සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇති බවද ඇය කියයි. ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් චීන ආනයන අපනයන බැංකුව සමගද අවසන් ගිවිසුමකට එළඹීම සඳහා ඒ ආකාරයෙන්ම සාකච්ඡා පවත්වා ඇති බවත් ඇය කීවාය.

ඉතාමත් ඉක්මණින් ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කරහිමියන් සමඟ ද ශ්‍රී ලංකාව අඛණ්ඩව සාකච්ඡා පවත්වන බව ඇය කීවාය. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඵලදරමින් තිබෙන බවත් ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇය කියයි.

Related articles

Recent articles

spot_img