spot_img
spot_imgspot_img

පාසල් සිසුවියන්ට සුබ පණිවිඩයක්

පුවත්

විදෙස්

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අවශ්‍ය තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. 

සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව කාලයේ දී ඔවුන් මුහුණදෙන ගැටලු‍ වළක්වා ගැනීමත් මෙමඟින් අපේක්ෂිත ය.

වැඩිවියට පත් සියලු පාසල් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය මේ වනවිට පියවර ගෙන තිබේ. 

ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබාදීමට නියමිතය. මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය. 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය. 

එය රු. 600.00ක වටිනාකමින් යුත් ‘A’ හා ‘B’ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි ‘A’කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 – 2024.07.10 දක්වා වේ. 

අනෙක් ‘B’කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 – 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!