-1.6 C
New York

විදුලි බිල 40%කින් අඩුකරයි ?

Published:

විදුලි බිල ලබන ජූලි 01 වැනි දා සිට අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේ දී කී්වය.

ගෘහස්ථ විදුලි බිල  ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 8.00 සිට 6.00 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 – 60 අතර රුපියල් 20.00 සිට  9.00 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 රුපියල් 30.00 සිට 18.00 දක්වා අඩු කිරීමට ද, ඒකක 90 – 120 රුපියල් 50.00 සිට 30.00 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි බිල 40%කින් පමණ අඩු කෙරෙන බවයි.

මේ අතර ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව හෙට (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Related articles

Recent articles

spot_img