-0.7 C
New York

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

Published:

ලොව බිහි වූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැළකෙන සනත් ජයසූරියගේ මව බ්‍රීඩා ජයසූරිය අද අභාවප්‍රාප්ත වූවා ය.

මියයන විට 80 හැවිරිදි වියේ පසු වූ ඇය කාලයක් රෝගාතුරව සිට ඇත. මාතර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය ඇගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ලබන බදාදා (05) මාතර දී සිදු කෙරේ.

විස්සයි 20 ලෝක කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඇමෙරිකාවට ගොස් සිටින සනත් ජයසූරිය සිය මවගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට හෙට (05) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක ලෙස කටයුතු කරයි.

(ඡායාරූපය – ලංකාදීප වෙබ් අඩවියෙනි)

Related articles

Recent articles

spot_img