-0.7 C
New York

එකම පවුලේ තිදෙනකු, ගංවතුරට බිළි වෙයි

Published:

පුවක්පිටිය ප්‍රදේශයේ නිවසක් ගංවතුරට යටවීම හේතුවෙන් එම නිවසේ පදිංචි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක මව, ඇගේ හත් හැවිරිදි දියණිය සහ මවගේ පියාවන 78 හැවිරිදි පුද්ගලයෙකි.

එම  නිවස ආසන්නයෙන් ඇළ මාර්ගයක් ගලා යන අතර අධික වර්ෂාව හේතුවෙන් අද අලුයම 2.00ට පමණ නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img