-0.7 C
New York

ගංවතුරක් අත ළඟ ?

Published:

රටේ නිරිත දිග කොටසසේ පවතින දැඩි වාර්ෂාව හේතුවෙන් නිල්වලා, ගිං, කළු සහ කැලණි යන ගංඟා අවට පහත්බිම් ප්‍රදේශවට ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

කළු ග‍ඟේ ඉහළ ප්‍ර‍දේශවල දැඩි වාර්ෂාවක් ලැබී ඇති බබැවින් ඉදිරි පැය 48ක කාලයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ (01) රාත්‍රී සිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

මීට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, අක්මීමණ, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම කැලණි ගඟ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් පැවතීම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට ද ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img