-3.4 C
New York

රේගුවට සුදු අලියෙක් අරන්, හොරුන්ට පැන යන්න ඉඩදීලා ?

Published:

රේගුව සඳහා මිල දී ගත් පරිලෝකන පද්ධතිය අකාර්යක්ෂම බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක දැක්වේ. එම වාර්තාව වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම යන්ත්‍රය මිල දී ගැනීම සඳහා වැයකර ඇති රුපියල් කෝටි 647 මුදල් අපතේ යැවීමක් බවයි.

කොළඹ වරායෙන් මුදාහරින බහාලුම්වලින් 20%ක ප්‍රමාණයක්වත් එක් දිනක දී පරිලෝකයනය කිරීමට මෙම යන්ත්‍රයට හැකියාවක් නැත.

එමෙන් ම විගණන වාර්තාවේ පෙන්වා දී ඇත්තේ භාණ්ඩ තොගයක් පරිලෝකනය කිරීමේ දී එය අඳුරු පැහැයක් ගන්නා බවයි. එමෙන්ම දියර විශ්ලේෂණය කිරීමේ දී විශ්ලේෂණය ඵලදායී නොමැති බව ද ටයිල් ග්‍රැනයිඩ් යකඩ වැනි ද්‍රව්‍යතුළ සඟවා රැගෙන එන ද්‍රව්‍ය හඳුනාගැනීම අපහසු බවත් විගණන වාර්තාවේ දක්වා ඇත.

මේ නිසා ආනයනකරුවන්ට එමගින් අනවසර ද්‍රව්‍ය සහ වෙනත් ද්‍රව්‍ය ආනයයනය කිරීමේ පහසුවක් සැළසී ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ අරමුදල් පිළිබඳ 2024  විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.

Related articles

Recent articles

spot_img