-2.5 C
New York

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

Published:

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් ය.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556කි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 173,444ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිට වූ බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පාසල් විභාග ප්‍රතිඵල ලේඛන විදුල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිසීමෙන් ජූනි 5 වනදා සිට 2024.06.19 වන දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය

Related articles

Recent articles

spot_img