8.6 C
New York

ඇමෙරිකා තානාපතිනිය, මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

Published:

ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත.

ඇය එහි දී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තොරතුරු විමසා ඇතැයි වාර්තා වේ. එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද ජූලි චන්ග් කොමිසමෙන් කරුණු විමසා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇත්තේ, ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල අනුව ඉදිරි මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවයි. එමෙන්ම යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබිණි.

Related articles

Recent articles

spot_img