spot_img
spot_imgspot_img

හොරෙන් රන් ගෙන්වූ ආයතනවලට කෝටි ගණනක් දඩ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන කිහිපයකට රුපියල් මිලියන 1,243ක දඩ මුදලක් නියමකර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ එලෙස නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන 05ක් හඳුනාගෙන ඇති බවයි.

මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන නීති විරෝධී ලෙස රන් ආනයනය කිරීමෙන් වැළකිය යුතු බවද එහිදී අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම අදාළ ආයතන ඍජුව රන් ආනයනය නොකර තුන්වැනි පාර්ශ්ව වෙතින් මිලදීගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සළකාබලා දඩ මුදල් අය කරගන්නා බව අමාත්‍යවරයා පවසයි.

නීතිවිරෝධී ලෙස රට තුළට රන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වකවානුව තුළ අනාවරණය වූ සිදුවීම් සැලකිල්ලට ගෙන මෙරට රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් රන් භාණ්ඩ ආනයනයේ දී හඳුනාගත් සීමා පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!