spot_img
spot_imgspot_img

නොනවතින වර්ෂාව නිසා බෝවන රෝග වැඩිවෙයි

පුවත්

විදෙස්

දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවැන්සාව සහ පාචන රෝග වැඩිවීමේ අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

පසුගිය සති කිහිපය තුළ ඉන්ෆ්ලුවැන්සා රෝගීන් සීග්‍රයෙන් වැඩිවී ඇති අතර ඩෙංගු උණ රෝගීන් ද වාර්තා වීම ඉහලගොස් ඇතැයි ඔවුහු පවසති.

වර්ෂාපතනය වැඩිවීමත් සමග ජලය එකතැන රැඳී තිබීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් සීග්‍රයෙන් බෝවීම සිදුවේ. තවද ගංවතුර ඇති ප්‍රදේශ වල ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ව්‍යාප්ත වීමේ අවධානම ද ඉහල ගොස් ඇත. ජලයෙන් යටවී ඇති ප්‍රදේශ වල වැඩ කරන පුද්ගලයින් ආරක්ෂිත ඇඳුම් ඇඳිය යුතු අතර උණ, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

දූෂිත ජල මූලාශ හේතුවෙන් පාචන රෝග වැඩි වන අතර පිරිසිදු ජලය පානය කිරීම සහ හොඳ සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

මීට අමතරව පරිසරයේ තෙතමනය වැඩිවීම හේතුවෙන් ශ්වසන ආසාදන වැඩිවී ඇති අතර සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව සහ ඇදුම වැනි රෝග තත්ත්ව උතුසන්න වීම සිදුවේ. මේ සම්බන්දව අදහස් දක්වමින් සෞඛ්‍ය අංශ පවසන්නේ උණුසුම්ව සහ වියලිව සිටීමත් දිගින් දිගටම පවතින ශ්වසන රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!