-1.1 C
New York

ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

Published:

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, රාජ්කොට් නගරයේ, පරිගණක ක්‍රීඩා පවත්වන ගොඩනැගිල්ලක් ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර ළමුන් 12 දෙනකු ද සිටින බවයි.

ගින්නෙන් මියගිය බොහෝ පුද්ගලයින්ගෙන් සිරුරු හඳුනාගැනීමට නොහැකි ලෙස පිළිස්සී ඇත. ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි. .

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පංච පුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related articles

Recent articles

spot_img