-2.5 C
New York

රේගු නිලධාරීන්ට කෝටි ගණනින් තෑගි මුදල්

Published:

ශ්‍රී ලංකා රේගු නිලධාරියකු තෑගි මුදල් වශයෙන් රුපියල් කෝටි 38ක් ලබාගෙන ඇතැයි ද කෝටියකට වඩා වාර්ෂික තෑගි මුදල් ලබාගත් නිලධාරීන් 174 දෙනකු සිටිතැයි ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

වාර්ෂිකව රුපියල් කෝටියකට වඩා තෑගි මුදල් ලබාගත් රේගු නිලධාරීන් සංඛ්‍යාව පහත දක්වා ඇත.

වර්ෂයකෝටියකට වඩා තෑගි ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව
201635
201721
201816
201903
202017
202130
202230
02320

ඉහළම ත්‍යාග මුදල් ලබාගෙන ඇති නිලධාරීන් 100 දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම රුපියල් කෝටි 104ක් බව ද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර එක් නිලධාරියකු 2017 වර්ෂයේ රුපියල් කෝටි 09ක්, 2021 වර්ෂයේ දී රුපියල් කෝටි 12ක් සහ 2022 වර්ෂයේ දී රුපියල් කෝටි 11ක් වශයෙන් ත්‍යාග මුදල් ලබාගෙන ඇත.

මෙලෙස ත්‍යාග ලැබූ  නිලධාරීන් අතර 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අඛණ්ඩව වසර 06ක් ත්‍යාග ලැබූ නිලධාරියකු ද  වසර 05ක් අඛණ්ඩව ත්‍යාග ලැබූ නිලධාරීන් 09 දෙනකු ද වසර 04ක් අඛණ්ඩව ත්‍යාග ලැබූ නිලධාරීන් 24 දෙනකු ද සිටින බව විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ  කළමනාකරණය සහ අරමුදල්වල පරිපාලනය පිළිබඳ නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේය.

Related articles

Recent articles

spot_img