-2.5 C
New York

මහ වැසි සහිත දින කිහිපයක් ඉදිරියට

Published:

ශ්‍රී ලංකාව අවට මුහුදේ වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් තත්වය හේතුවෙන් අද (18) සිට වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බර වී පවතී.

දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිිය දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  රටේ අනෙකුත් ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම වැසි ඇතැම් ස්ථානවල දී මිලි මීටර 100කට වැඩි තද වැසි ලෙස වර්ධනය වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

Related articles

Recent articles

spot_img