spot_img
spot_imgspot_img

මහ වැසි, ගංවතුරින් සිය ගණනක් මරුට

පුවත්

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ හදිස් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 315දෙනකු පමණ මියගොස් 1,600ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

නිවාස දහස් ගනනක් සහ පශු සම්පත් විනාශ වී ඇති අතර ආහාර, ජලය සහ නිවාස අහිමි වීම හේතුවෙන් බොහෝ දෙනා පීඩා විඳින බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් ආර්ථික අමාත්‍ය දින් මොහොමඩ් හනීෆ් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, මානුෂීය ආයතනවලින් සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ ගංවතුරින් විපතට පත් වූවන් සඳහා සහාය ලබා දෙන ලෙසයි.

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටක් ලෙස සලකයි.

මේ අතර බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 136 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ. සිවිල් ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ලක්ෂ පහක පමණ පිරිසක් අවතැන්ව ඇති බවයි.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා පළාතට ධාරාණිපාත වර්ෂාවෙන් ගංවතුර සහ නායයෑම් ඇති වූ අතර අවම වශයෙන් 28 දෙනෙකු මිය ගිය අතර සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව බලධාරීහු ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!