2.9 C
New York

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ?

Published:

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට සුදුසුකම් සපුරා ඇතැයි ඉදිරිපත් වූ යෝජනාවකට එම සංවිධානයේ සාමාජික රටවල් 134ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

පලස්තීනය එකසත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතැයි ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 134ක් යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති අතර යෝජනාවට විරුද්ධව 09 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි. සාමාජික රටවල් 25ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාවට විපක්ෂව ඊශ්‍රායලය මෙන් ම ඇමෙරිකාව ද ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය විසිනි. සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශ විය.

Related articles

Recent articles

spot_img