-1.6 C
New York

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂක ධම්මික පෙරේරා ?

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා වී ඇති හතර දෙනකු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිම අවදානයක් යොමුව ඇත්තේ ව්‍යාපාරික ධම්මික පෙරේරා සම්බන්ධයෙන් බව ද දැනගන්නට ඇත.

සාගර කාරියවසම් පවසන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට තවමත් හදිසියක් නොමැති බවයි.

.මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  දෙදෙනා අතර හයවැනි වතාවටත් පසුගිය 09 ැනිදා සාකච්ඡාවක් පැවැත්විණි.

එසේම  ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩි යැයි  පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම එහි නායකත්වයට පසුගිය සතියේ දී පෙන්වාදී ඇත. එය සත්‍යයක් බව බැසිල් රාජපක්ෂ ද පිළිගෙන ඇතැයි දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img