-0.7 C
New York

ඩයනා, තවත් ලොකු අමාරුවක ?

Published:

එක්සත් රාජධානියේ පුරවැසියකු වන ඩයනා ගමගේ මෙරට රැඳී සිටීම සඳහා කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව 2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සිටීම සම්බන්ධයේන නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට ආගමන විගමන බලධාරීන් සැළසුම් කර තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ඇය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පත්වාගෙන යාමට අපොහොසත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය.

මේ හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවිය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කිසිදු වලංගු ලියවිල්ලක් නොමැතිව ඇය ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ කෙසේද යන්න ගැටලුවක් වී තිබේ. ඇය මෙරට ජීවත්වීමේ දී  ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාාජ ලේඛන භාවිතා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවව ද අධිකරණයට දැනුම් දී තිබිණි.

ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බලන්නේද යන්න පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලකගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවයි.

Related articles

Recent articles

spot_img