-2.5 C
New York

දකුණට මහ වැසි, උතුර රත්වෙයි

Published:

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අද (11) සවස 2.00න් පසු මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම පුරෝකථනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

එම ප්‍රදේශවල තද වැසි ඇතිවුව ද උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ දී ද උණුසුම් කාලගුණික තත්වයක් පවතින බැවින් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු” මට්ටමේ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

spot_img