-1.1 C
New York

“ඊශ්‍රායලය වැරදි වැඩක් කරලා” – ඇමෙරිකාවෙන් චෝදනා

Published:

ඊශ්‍රායලය ඇමෙරිකාවේ අවි භාවිතා කරමින් ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇති බවට ඇමෙරිකානු රජය චෝදනා කරයි.

ධවල මන්දිරය විසින් නිකුත් කර පසුගියදා කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති වාර්තාවක මෙම කරුණු ඉරිදිපත් කර ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ අනවශ්‍ය ලෙස භාවිතා කර ඇතැයි එහි සඳහන් බවයි.  

කෙසේ වෙතත් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට අසාමාන්‍ය යුදමය අභියෝගයකට  මුහුණ දීමට සිදුව ඇති බවද අමෙරිකානු රජය පවසා තිබේ. 

මෙම වාර්තාව ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට පැහැදිළි බලපෑඹක් කරනු ඇතැයි ද විචාරකයෝ කියති.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කර ඇති බවට එම වාර්තාවේ සඳහන්ව ඇත.

Related articles

Recent articles

spot_img