5.4 C
New York

තරුණියගේ පොලිසි ගමන නවත්වන්න කසිප්පු සඟවා අමාරුවේ

Published:

නිවසක් පිටුපස කසිප්පු සඟවා නිවැසියන් පොලිසියට කොටුකර දීමට තැත්කළ පුද්ගලයකු කසිප්පු ලීටර 05ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුටව ගෙන ඇත්තේ බිබිල කරාඬුගල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මොණරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රියන්ත ප්‍රේමතිලක ඇතුළු කණ්ඩායමක් විසිනි.

තම නිවස ඉදිරිපිට නිවසක තරුණියක් පොලිස් සේවයට එක්වීම වැළැක්වීම සඳහා මෙම පුද්ගලයා විසින් මෙලෙස ක්‍රියාකර ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

සැකකරු කරාඬුගල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර හෙට (18) ඔහු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොණරාගල කොටිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,මහතාගේ සෘජු උපදෙස් හා නියෝගමත මොණරාගල කොටිඨාශ විශේෂ අපරාධ විමර්ශණ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් 34386 නිමල්,5956 කුසුමුසිරි,40705 දිසානායක,පොලිස් කොස්තාපල්වරුන් වන 74720 කුමාර,69244 කුමාර,46660 මුණසිංහ යන නිලධාරිහු මෙම වැටලිම සදහා එක්වූහ.

කරාඬුගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

Related articles

Recent articles

spot_img