ලෝක මාධ්‍ය නිදහස් දිනය සෑම වර්ෂයක ම මැයි මස 03 වැනි දිනට යෙදී තිබේ.
අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි සහ වැදගත්වන අනාගතයක් වෙනුවෙන් ප්රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීමට මාධ්‍යවේදීන් සහ පාඨකයන් යන සියලු දෙනාම අවදානයක් යොමුකරන දිනයක් වන්නේ ලෝක මාධ්‍ය නිදහස් දිනයයි.
Reporters without Borders හෙවත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය අනුව 2024 මැයි 03 මාධ්‍ය නිදහස් දිනය සමරන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ රටවල් 180ක් අතරින් 150 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව එම දර්ශකයේ 135 වැනි ස්ථානයේ පසු වූ බැවින් මෙය වර්ෂයක් ඇතුළත ස්ථාන 15කින් පහත වැටීමකි.
2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 146 වැනි ස්ථානයේ පසු වූ නමුත් යළි 2023 වර්ෂයේ දී මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ශක්තිමත් කරගනිමින් ස්ථානන 11ක් ඉදිරියට පැමිණ තිබිණි.
දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස දර්ශකය රැඳී ඇත්තේ හතරවැනි ස්ථානයේ ය. දකුණු ආසියාවේ ඉහළම මාධ්‍ය නිදහසක් ඇති රට ලෙස සැළකෙන්නේ නේපාලයයි. 2023 වර්ෂයේ දී ලෝකයේ රටවල් 180ක් අතරින් 95 වැනි ස්ථානයේ සිටි නේපාලය එය වර්ධනය කරගනිමින් 2024 වර්ෂයේ දී 4 වැනි තැනට පත්ව ඇත.
මාලදිවයින දකුණු ආසියානු කලාපයේ දෙවැනි තැන රැඳී තිබෙන අතර 2023 වර්ෂයේ දී 100 වැනි ස්ථානයේ සිට 106 වැනි ස්ථාන දක්වා ස්ථාන 06කින් පහතට ගමන්කර ඇත.
භූතානයේ මාධ්‍ය නිදහස දර්ශකයේ ඉතාමත් වේගයෙන් පහතට වැටුණු රටක් බවට පත්ව ඇත්තේ ස්ථාන 57කින් පහතට ගමන් කරමිනි. 2024 වර්ෂයේ දී භූතානය 147 වැනි තැන රැඳී සිටින්නේ පසුගිය 2023 වර්ෂයේ සිටි 90 වැනි ස්ථානයෙන් පහතට ගමන් කරමිනි.
ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ ස්ථානයේ සිටින අතර පකිස්තානය ශ්‍රී ලංකාවට පසුපසින් 152 වැනි තැන රැඳී සිටියි. පකිස්ථාන 2023 වර්ෂයේ 150 වැනි ස්ථානය හිමිකරගෙන සිටි රටයි.
ඉන්දියාව 2023 වර්ෂයේ 161 වැනි ස්ථානයේ සිටි නමුත් මෙවර පියවර දෙකක් වර්ධනය වී 159 වැනි තැනට පත්ව ඇත. බංග්ලාදේශයේ දක්නට ඇත්තේ මාධ්‍ය නිදහස දර්ශකයේ පහතට ගමන් කිරීමකි. 2023 වර්ෂයේ 163 වැනි ස්ථානයේ රැඳී සිටි බංග්ලාදේශය මෙවර 165 වැනි තැන දක්වා පහතට ගමන්කර ඇත.
ඇෆගනිස්ථානය ස්ථාන 26ක් පහතට ගමන් කරමින් 2023 වර්ෂයේ සිටි 152 වැනි ස්ථානයේ සිට 178 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත්තේ ලෝකයේ මාධ්‍ය නිදහස ඉතාමත් භයානක තත්වයක ඇති රටවල් අතර තුන්වැනි ස්ථානයට පත්වෙමිනි.