-2.5 C
New York

දරුවන් සැමට සුබ පණිවිඩයක්

Published:

දරුවන්ට ශාරීරික දඬුවම් සිදුකිරීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට කිසිදු වැඩිහිටියකු හෝ ගුරුවරයකු කිසිම ආකාරයකින් දරුවකුට පහරදීම් ඇතුළු මොනයම් ආකාරයක හෝ ශාරීරික දඬුවම් සිදුකරන්නේ නම් එය වරදක් වෙයි.

අද (30) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ හොඳම දේ ලබාදිය යුත්තේ දරුවන්ට නම් දරුවන්ට සිදුවන නරකම දේ වැළැක්විය යුතු බවයි.

“දරුවන්ට පහරදීමෙන් කන් ඇසීම නැති වෙච්ච අවස්ථා පවා වාර්තා වෙනවා. මේ ගැන ජනාධිපතිතුමාගේ පූර්ණ අවධානය යොමු වී තිබුණා. ඒ අනුව ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීමට දණ්ඩ නීතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනයට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදුන්නා. වැඩිහිටියන් විසින් හෝ ගුරුවරුන් විසින් ශාරීරික වශයෙන් කිසිම දඬුවමක් කිරීම නීතිය අනුව වරදකරුවන් වෙන ආකාරයට මෙම පනත් සංශෝධනය වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img