-0.7 C
New York

ජනාධිපතිවරයාට, අතුරු තහනමක්

Published:

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබේ.

අගවිනිසුරු තනතුර පත්කිරීම මෙම අතුරු තහනමට අදාළ වන්නේ නැත.

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම සම්බන්ධ වැඩිදුරට විභාගය ඔක්තෝබර් මස 04 වනදා පැවැත්වමට දින නියම කෙරුණි.

Related articles

Recent articles

spot_img