-0.7 C
New York

මන්ත්‍රීන් 150කට තීරුබදු රහිත වාහන බලපත් ?

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150ක පිරිසක් තමන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණයට පෙර ලබා දෙන්න යැයි ඉල්ලමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් භාර දී තිබේ.

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු මෙන් ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද මේ අතර සිටිති.

එම ලිපිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ කතානයක මහින්ද යාපා අබේවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට යොමුකරන බවයි.

වාහන ගැටලුව විසඳීම තමාට තනිව තීරණය කළ හැකි කාරණයක් නොවේ යැයි ද  ඔහු සඳහන් කළේය.

එසේම  මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කළ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉරාන් වික්‍රමරත්න සිය විරෝධය දක්වා ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img