-0.7 C
New York

පිරිමි දරුවකු රටින් පන්නන්න හැදූ, කතුන් දෙදෙනකු අත්අඩංගුවට

Published:

ව්‍යාජ ලේඛන සකස්කර 17 හැවිරිදි පිරිමි දරුවකු එංගලන්තය බලා රැගෙන යාමට උත්සාහ ගත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් සහ එම කාන්තාවවගේ දරුවාගේ තොරතුරු ඇතුළත් කරමින් මෙම ව්‍යාජ ලේඛන සකස් කර තිබිණි.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්,  එම 17 හැවිරිදි පිරිමි දරුවා ද සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටිය දී, එම ගුවන් සේවා නිලධාරිනියන්ට මෙම ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වල දී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී ඇත. දරුවාගෙන් ප්‍රශ්න කිරීමේ දී තහවරු වී ඇත්තේ එම දරුවාගේ සැබෑ මව ඒ වනවිටත් ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටින බවයි.

ඒ අනුව නිලධාරීන් ඇය ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img