-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 22,324ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,913ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 170ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,075ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 282
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 209
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 181

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 33
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 35
  • සිංගර් ශ්‍රී ලංකා සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • නේෂන්ස් ලංකා සමාගම 33%
  • ඒසියා ඇසෙප්ට් සමාගම 23%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් 800,000ක් රුපියල් 110.00 බැගින්
  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 03ක් රුපියල් 23.30 බැගින්
  • ජෝන් කීල්ස් ‍සමාගම කොටස් 100,000ක් රුපියල් 205.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකු කොටස් 127,000ක් රුපියල් 191.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 314
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 238
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 237

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 290ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 298ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 92
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 48
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 34

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 116
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 70
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 15

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img