0.5 C
New York

ලොව බලගතුම පුද්ගලයන් අතරට, ශ්‍රී ලාංකීය කාන්තාවක්

Published:

ටයිම් සඟරාව මගින් නම් කර ඇති, ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ඇතුළත්ව සිටින්නීය.

ඇය ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව වෙනුවෙන් වසර 20කට වැඩි කාලයක් විශාල හඬක් නැගූ කාන්තාවකි. ඇය සිදුකරන ලද බලපෑමෙන් ලෝකයේ සමරිසි කාන්තාවන්ට ජයග්‍රහන රැසක් ඇත්වී තිබෙන බවත් ටයිම්ස් සඟරාව පවසයි.

ශ්‍රී ලංකාව සමරිසි කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇය වෙනුවෙන් පෙනී සිටිමින්, එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම් සඟරාව පවසයි.

ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම් සඟරාව ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමට ටයිම් සඟරාව කටයුතු කරයි.

Related articles

Recent articles

spot_img