“ නිරෝධායනයට ලක්කළ අය පවා තමන්ගේ රැකියා ස්ථානවලට යන බව අනාවරණය වී තිබෙනවා. දැඩි පාලනයක් යටතේ කටයුතු නොකළොත් කොරෝනා මර්ධනය කරන්න බැරිවේවි. රට පුරාම පැතිරේවි. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා සති තුනකට කොළඹ වහලා දැඩි සේ පාලනය කරන්න කියලා.” යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානයක පවසයි.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය. “ කොරෝනා එක්ක ජීවත්වෙනවා කියන්නේ කොවිඩ් දෙවැනි රැල්ල සමඟ ජීවත් වෙනවා කියන එක නෙවෙවයි. මේ දෙවැනි රැල්ල අපි අනිවාර්යයෙන් ම පාලනය කළ යුතුයි. නැතිනම් මහා විනාශ්‍යක් සිදුවේවි. සංචාරක සීමා දාලා නගරයට ඇතුළු වීම හා පිටවීම නවත්වලා හුදකලා කරන්න ඔ්නෑ. අපි ඇතැම් තැන්වල දී දැක්කා නිරෝධානයනය වෙමින් සිටින පවුල්වල ඇතැම් අය රැකියා ස්ථානවලට යනවා. මේවා නැවැත්විය යුතුයි. කොළඹ නගර සීමාවේ මරණ සංඛ්‍යාව එන්න එන්න ම වැඩි වෙනවා. කොළඹ නර සභා සීමාවේ ජීවත්වන පුද්ගලයන්ගෙන් අතිශය බහුතරයක් වැඩිහිටි පුද්ගලයන් ඉන්නවා. ඒ නිසා මේ තත්ත්වය තවත් දරුණු වෙනවා. ඒ විතරක් නොවෙයි විශාල පිරිසක් කොළම පැල්පත් වාසින් ඉන්නවා. එ් අයට නිශ්චිත ආදායම් මාර්ගයක් නැහැ. ඉතින් ඔවුන් හැමතැනම සංචාරය කරනවා. ඔවුන් ජීවත් වෙන්නේ දෛනික ආදායම් වලින්. මේ අය ගැනත් විශේෂ සැළකිල්ලක් යෙදිය යුතු වෙනවා.