spot_img
spot_imgspot_img

තවත් විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක් සමුගනී

පුවත්

විදෙස්

ආසියානු උස පැනීමේ වාර්තාවක් පවා තබමින් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලක පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් ඇමෙරිකාවේ දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි.

මියයන විට 90 වැනි වියෙහි පසු වූ අචාරේය එදිරිවීරසිංහම් 1953 වර්ෂයේ සිට දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවට හිමිකම් කීවේය. 1958 දී ජපානයේ ටෝකියෝ නගරයේ පැවැති 03 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 2.03ක උසක් පනිමින් ආසියානු ක්‍රීඩා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත්තේය. ඉන්පසු 1962 දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද හෙතෙම සමත්වූයේය

පසුව මෙරට මළල ක්‍රීඩා දියුණුවට විශාල දායකත්වයක් ලබාදුන් ඔහු විශේෂයෙන් ම උතුරු නැගෙනහිර පළාත්වල මලල ක්‍රීඩා දියුණුව සඳහා වැඩසටහන් රැසක් දියත් කළේය. 1952 හෙල්සින්කි සහ 1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ආචාර්ය එදිවීරසිංහම්, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!