4.5 C
New York

යාපනය මුහුද මැද දී, දරු උපතක්

Published:

නාගදීප වන්දනාවේ යන මගී යාත්‍රාවක දී කාන්තාවක විසින් පසුගිය 17වැනි දා දරුවකු ප්‍රසූත කර ඇතැයි වාර්තා වේ.

එම ගැබිණි කාන්තාව නාගදීප මූලික ‍‍රෝහලට ඇතුළත්ව සිටිය දී වෛද්‍යවරු තීරණය කර ඇත්තේ ඇය යාපනය රෝහලට මාරුකර යැවිය යුතු බවයි. යාපනය සහ නාගදීපය ඇතුළු දූපත් අතර රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් යාත්‍රාව ‍එම අවස්ථාවේ දී නොමැති බැවින් ගැබිනි කාන්තාව නාගදීපයට වන්දනාවේ පැමිණ තිබූූ යාත්‍රාවක යාපනයට යාමට පිටත්ව ඇත.

ඒ අනුව එම මගී යාත්‍රාව යාපනය ශික්ෂණ රෝහලට යාම සඳහා නාගදීප ජැටියේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා යාත්‍රා කරමින් සිටිය දී කාන්තාව පවසා ඇත්තේ තමන් දරුවා ප්‍රසූත කිරීමට ආසන්නයේ සිටින බවයි.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ යාත්‍රාවේ සිටි කාන්තාවන් පිරිස පිරිමි පුද්ගලයන් සියලු දෙනා යාත්‍රාවේ උඩුමහළට යවා ඇයට දරුවා බිහිකිරීමට අවශ්‍ය සහය ලබා දී ඇත.

ගැබිනිය මහ මුහුදේ යාත්‍රාකරන මගී යාත්‍රාවේ ම දරුවා ප්‍රසූත කර ඇති අතර කූරිකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණ ගිලන් රථයකින් මවත් දරුවාත් දෙදෙනාම යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.

යාපනය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට වන විට අදාළ දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවයි.

Related articles

Recent articles

spot_img