-1.1 C
New York

ගිනිකන්දක් නිසා, සුනාමි තත්වයක් ?

Published:

ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රීය ගිනිකන්ද ලෙස සැ‍ළකෙන රුවන්ග් ගිනිකන්ද විධාරණය වීම ආරම්භවීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර ගිනිකන්ද අවට සිටි 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාව ආසන්නයේ වඩාත් සක්‍රීය ගිනි කඳු පවතින බැවින් එම ප්‍රදේශය ගිනි වළල්ලක් ලෙස ද සැළකේ.

1871 වර්ෂයේ දී මෙම ගිනිකන්ද විධාරණය වූ අවස්ථාවේ දී කන්දේ කොටසක් මුහුදට කඩා වැටීම හේතුවෙන් සුනාමි තත්වයක් හටගෙන තිබිණි. මෙවර සුනාමි අනතුරු ඇඟවීම නිකුත්කර ඇත්තේ එවැනි අනතුරක් යළි ඇතිවීමේ අවදානමක් පවතින බැවිනි.

නිරන්තරයෙන් සක්‍රියව පවතින රුවන්ග් ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතක පිහිටා ඇත.

මීටර් 725ක උසින් යුතු රුවන්ග් ගිනි කන්ද සැලකෙන්නේ ඉන්දුනීසියාවේ ඇති වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසයි.

Related articles

Recent articles

spot_img