-0.7 C
New York

“අපි නැවත රැවටෙන්නේ නෑ” මාලිමාවේ පොරොන්දුවට අගරදගුරු කියයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් ලබාදෙන පොරොන්දුවලට නොරැවටෙන බවත්,  දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර පරීක්ෂණයක් අවශ්‍ය බවත් කොළඹ අගරදගුරු මැල්කම්  කාදිනල් මැල්කම් රංජිත් ඊයේ (17) මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන දේ පිළිබඳ ලියවිල්ලක් යොමුකර ඇතැයි ද කාදිනල්වරයා කීවේය.

ජාතික ජන බලවේගය තමන් හමුවීමට දිනයක් සහ වේලාවක් ඉල්ලා තිබීම නිසා එය ලබාදුන් බව කී කාදිනල්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම කාලය යොදා ගන්නේ කුමකටද යන්න පිළිබඳ අවධානය යොමුකරන බවයි.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට ‍සිදුකළ පොරොන්දුවක් නිසා එක් වතාවක් තමන් ඇතුළු විශාල පිරිසක් රැවටුණු බවත්, එම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය රාජපක්ෂ ද රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දු දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img