මැදපෙරදිග රටවල් කිහිපයකට බල පෑ සුළි කුණාටු තත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් මෙවැනි දරුණු ජලගැලීම් තත්වයක් එක්සත් අරාබි එමීර රාජ්‍යය ඇතුළු අවට රටවලය ඇති වී තිබෙන්නේ වසර 75කට පසුවය.
මෙම ආපදා තත්වය හේතුවෙන් ඕමාන් රාජ්‍යයේ පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇති අතර
මේ සමඟ ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යය කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා වී තිබිණි.
ලොව වඩාත්ම දියුණු නගරයක් වන ඩුබායි හි වීථි ජලයෙන් යට වී ගංඟා මෙන් දිසිවෙමින් තිබිණි.
සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය ජලයෙන් යටවී තිබිණි.
එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු පවා මතුකරමිනි.
ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් කටයුතු සීමා කිරීමට ද සිදුව තිබේ.
එමෙන්ම එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි ඇතුළු ගුවන් සේවා රැසක් ඩුබායි වෙත මෙහෙයුම් තාවකාලිකව නවතා ඇත.