සමන් සී ලියනගේ සහෝදරයා ලියූ අපොන්සු සහෝදරයා: වම් ඉවුරේ සිය වසරක් පොත (මෙය සමසමාජ ප්‍රකාශණයක්) ග්‍රාමීය සහ වතු සමාජය තුළින් බිහිව සහ හැදී වැඩී නගරයට සේන්දු වූ තරුණයෙකු සමසමාජ ව්‍යාපාරය විසින් පරිවර්තනය කෙරුන ආකාරය කදිමට චිත්‍රණය කෙරෙන පොතක්. 1930ස් ගණන් මැද සිට සමසමාජ සම්ප්‍රදාය ක්‍රමික ව්කාශණයකට හසුවන්නේ දහස් ගණන් තරුණ තරුණියන්ගේ ජීවිතද සුපරිවර්තනයකට ලක් කරමිනි. තම පටු අපේක්ෂාවන්ගෙන් ඔබ්බට ගොස් පොදු අරමුණු සහ යහපත වෙනුවෙන් තම ජීවිතයේ පැතිකඩක් වෙන් කෙරුන සමසමාජ කාරයෙකු බිහිවන්නේ කෙසේද යන ප්‍රශ්නයට වින්සන් අපොන්සු නම් සමසමාජකාරයාගේ ජීවිතයට හැරෙමින් සමන් කදිමට චිත්‍රණය කරයි.
මේ කුඩා ග්‍රන්ථය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගේ කිතලන්ගමුවේ මර්තේලිස් නැමති පර්‍යේෂණ කෘතිය හා සමාන්තරව කියවිය යුතු යැ යි මම යෝජනා කරමි. මා කිහිප විටෙක සදහන් කර ඇති පරිදි ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධාන සම්ප්‍රදායයන් දෙකකි. මින් පළමුවැන්න සමසමාජ සම්ප්‍රදාය වන අතර දෙවැන්න වන්නේ ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදාය ය. ට්‍රෑම් කාර් සමාගමේ වැඩට යන වින්සන්ට් අපොන්සු ආපසු නොහැරෙයි. හේ එක් පැත්තකින් වැඩකරන ජනතා ව්‍යාපාරයේත්, පානදුර සමසමාජ ලෝකලය කේන්ද්‍ර කරගෙන පුලුල් ජන ව්‍යාපාරයේත් ක්‍රියාකාරියෙකු වෙයි. සමන් ජන අරගලය ලෙස 1953 හර්තාලය හදුන්වමින් නිර්වචනය කරන්නේ මෙකී සමසමාජ සම්ප්‍රදාය ය. වින්සන්ට් අපොන්සු හැදෙන්නේ වැඩෙන්නේ සහ වින්සන්ට් අපොන්සු විසින් හදන්නේ සහ වර්ධනය කරන්නේ එයයි. හේ 1980 වර්ජනයෙන් ද රැකියාව නැති කර ගනියි.
සමසමාජ පක්ෂය මියැදෙන්නට ආසන්න තැනකට පත්ව ඇත. එහෙත් අපොන්සු සහෝදරයා මෙය දකින්නේ මීට වෙනස් ව ය. “සමසමාජෙට ආංඩුවක් හදන්න බැරිවුනේ ඇයි?” මේ ප්‍රශ්නයට අපොන්සු සහෝදරයා පිළිතුරක් දෙන්නේ මෙසේ යි. “මුල් කාලෙ ආංඩු බලේ ගැන අදහසම නොවෙයි අපේ නායකයින්ට තිබුනෙ. කුල පීඩනය නැති කරන එක, රට බ්‍රිතාන්‍යයන්ගෙන් බේරාගන්න එක. ඉතින් ඒක කළානෙ.” එවැනි ආංඩුවක් හදන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ලෙස අපොන්සු සහෝදරයා බලන්නේ පාර්ලිමේන්තුව හරහා කෙරෙන ගමනක් ලෙස නොවේ. ඔහු සිහි කරන්නේ 1946 වර්ජනය, 1953 හර්තාලය සහ 1980 වර්ජනය යන මාවත ය.
සමන් ලියූ මේ කුඩා පොත විමුක්තිවාදී සමාජ සුපරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටින හැම කෙනෙක් ම කියවිය යුතු යැ යි මම සිතමි.
මහාචාර්ය සුමනසිරි ලියනගේ
ග්‍රන්ථයේ කර්තෘ – සමන් සී. ලියනගේ