-3.4 C
New York

පොලිසිය තරුණයකුගේ වෘෂණ කෝෂ අහිමිකරලා

Published:

පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තම පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත්කිරීමට සිදු වූ බව එම තරුණයාගේ මව පවසයි.

මෙම චෝදනාව එල්ල වී ඇත්තේ මැදවච්චිය පොලිසියටය. පොලිසිය පවසන්නේ එම තරුණයාට පහර නොදුන් බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී කළහකාරී ලෙස හැසිරුණු බව ද පොලිසිය කියයි.

එම තරුණයා අනුරාධපුර, මැදවච්චිය, තුලාවේලි ගම්මානයේ සිට පසුගිය 07 වැනි දා ලොරි රථයකින් මැදවච්චිය බලා යාමේ දී එය පසුපසින් හඹා ආ මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු එම රථය නවතා ඔහුට පහර දී ඇතැයි මව චෝදනා කරයි. ඇය වැඩිදුරටත් පවසන්නේ මෙම පහරදීම නිසා තම පුතුගේ එක් වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත්කිරීමට සිදු ව ඇති බවයි. එම තරුණයා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

“අපේ ලොරිය පිටිිපස්සෙන් ත්‍රී රෝද රථයකින් ආපු පොලිස් නිලධාරන් දෙදෙනෙක් අපිව ඇදලා අරගෙන මටත් යාලුවාටත් හොඳටම ගැහුවා.” ප්‍රතිකාර ලබන තරුණයා පවසයි.

මේ පිළිබඳ මැදවච්චිය පොලිසියෙන් විමසූ විට එහි නිලධාරීන් කියා සිටියේ තරුණයන් දෙදෙනා ගමන්ගත් ලොරිය නවතන ලෙස සංඥා කළද නොනවත්වා ධාවනය වූ බවයි. ඒ හේතුවෙන් හඹාවිත් නතරකරගත් බවත් ඔවුන් සන්තකයේ තිබූ නීති විරෝධී මත්පැන් වර්ගයක් රථයෙන් ඉවතට විසිකර ඇති බවත් පොලිසිය කීවේය. මෙම සිද්ධිය වූ අවස්ථාවේ අදාල තරුණයා බීමතින් සිටි බවත්, ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවත් පොලිසිය පවසයි.

අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර කීවේය.

Related articles

Recent articles

spot_img