5.4 C
New York

කොරෝනා මරණ 61ක් දක්වා ඉහළට

Published:

කොරෝනා හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව අද (16) 61ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම මරණ තුනෙන් දෙකක්ම සිදුව ඇත්තේ රෝහලෙන් පිටත දී ය. මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ දියවැඩියා රෝගය සමග කොරෝනා ආසාදනය වීමයි.

කොළඹ 13 පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීම සඳහා ගෙන එමින් සිටිය දී මියගොස් ඇත. දියවැඩියාව සහ හෘද රෝග සමග කොරෝනා ආසාදනය වීම මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත.

කොළඹ 10 පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. මරණයට හේතුව නධන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පෙලෙන අතර කෙරෝනා ආසාදනය වීම ලෙස දක්වා තිබේ.

Related articles

Recent articles

spot_img