-3.4 C
New York

මුදලට වෛද්‍ය උපාධිය දීමට, ආරක්ෂක විශ්වවිද්‍යාලයට අවසර ලැබෙයි

Published:

මුදල් අයකර සිසුන් බඳවාගැනීමෙන් වෛද්‍ය විද්‍යා උපාධි පිරිනැමීම සඳහා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.  

එම අමාත්‍ය මණ්ඩල යෝජනාවේ මෙසේ දැක්වෙයි.  2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම්කරුවන් ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවාගැනීමට සැළසුම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් බඳවාගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය, ශල්‍ය වෛද්‍යවේදය යන උපාධි හැදෑරීම සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කරගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබිණි. එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Related articles

Recent articles

spot_img