-2.5 C
New York

තම කැමැත්තට අනුව, අවසන් ගමන් යාමට නීති වෙනස් කරයි

Published:

ආගමට අනුව, කැමැත්තට අනුව කෙනෙකුගේ අවසන් කටයුතු සිදුකිරීමට හැකිවන පරිදි නව නීති ගෙන එන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී පවසා ඇත.

ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා කාලයේ දී ඉස්ලාම් භක්තියකයන්ට සිය ආගමික විශ්වාසයට අනුව මෘතදේහ සම්බන්ධ කටයුතු කිරීමට අවස්ථාව නොලැබීමෙන් බරපතල සිත්තැවුල් ඇති වූ බවයි.

එබැවින් ඉදිරියේ දී එවැන්නක් සිදු නොවීමටත්, පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදුකිරීමේ දී ආගමට අනුව හෝ අවසන් කැමති පත්‍රයට අනුව හෝ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැළැස්වීමට නව කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයාට වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img